Thursday, November 08, 2012

කර්ම - ගල් බාගයට ස්තූති වේවා...!

මා මිතුරෙකු සමඟ නගරයේ සිනමා ශාලාවට ගියේ සිනමා පටයක් නරඹන්නටම පමණක් නොවේ. 'මතට තිත' තිතටම ක්‍රියාත්මක වන සර්ව සාධාරණ රටක් (මෙහෙම කියන්න ලැජ්ජයි හලෝ.) වන සිරි ලංකාවේ ඇමති පුතුන්ට එක නීතියකුත්, අහිංසක මධුලෝලීන් වන අපට එක නීතියකුත් ක්‍රියාත්මක වන නිසා ය.

අසල තිබුණු බලපත්‍රලාභී බාර් එකෙන් ගල් බාගයක් මිලට ගත්තෙමු. ලංකාවේ ජනප්‍රියතම දුම්පානය වන රත්තරං කොලයක්ද මිලට ගතිමු.

සිනමා ශාලාවේ වැසිකිළිය අපේ වින්දනයට පාරාදීසයක් විය. එයින් සකර්ම මනස අකර්මන්‍ය වූයේ නැත. මන්ද, අප නරඹන්නට ගියේ ප්‍රසන්න ජයකොඩි ගේ කර්ම සිනමා පටය වන නිසා ය.

ප්‍රසන්න විතානයන්ගේ සේම, අශෝක හඳගමයන්ගේද සිනමා නිර්මාණ වලට අප ආදරය කලේ ඒවායේ ඇති රැඩිකල් නොහොත් සීමාවෙන් පිට පනින සහ අසම්මතය,යතාර්තය අමු අමුවේම ඉදිරිපත් කරන නිසා ය. ප්‍රසන්න ජයකොඩි ද වනාහි ඒ රැඩිකල් සිනමාවේම නියෝජිතයෙක් වන්නේ යැයි සිතෙන නිසා අපි ඔහුටද ආදරය කරන්නෙමු.

කර්ම තුළ ප්‍රසන්න ජයකොඩි මතු කරන සමාජමය, ලිංගිකමය, මානුෂීය කාරණාව පිළිබඳව විග්‍රහ කිරීමට අප ළදරුවන් යැයි සිතමු. එනිසාම කර්ම සිනමා පටය නරඹා ඒ හරහා ප්‍රකාශ කරන්නාවූ යථාර්ථය රසවිඳින ලෙස මා ඉල්ලා සිටිමි.

ගල් බාගය ඔහුට සහ මට කර්ම පිළිබඳව සිතන්නට, කතිකා කරන්නට බොහෝ දේ ඉතිරි කළේ ය.
මීවිතට අප ගරු කරන්නේ එබැවිනි.

No comments:

Post a Comment

නිකං ඉන්න එකේ කොමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ...!!!