Thursday, November 01, 2012

ආදර ලෝකෙ මාර කලාත්මකයි මචං...

සමහර විට මං මේ ඉදිරිපත් කරන අදහස සුචරිතවාදියෝ කියලා සමාජය ඉදිරියේ පට්ට ඇක්ෂන් දාන පොරවල්ට නම් එච්චරම අල්ලන්නෙ නැති වෙයි. කොහොම වුණත් මේ සමාජෙ ඉන්න හැමෝම එක වගේ නැහැනේ. එහෙම තියෙද්දි මං මේ ඉදිරිපත් කරන කාරණාවත් ග්‍රහණය කරගන්න ආකාරය පුද්ගලයාගෙන්-පුද්ගලයාට වෙනස් වෙනවා.

බොහෝ දුරට යොවුන් ආදරය කියන සංකල්පය ඇතුලේ අපි හොයන, අපි ආස කරන සහ සමහර විටෙක අපිටම එපා වෙන දෙයක් තමයි. රාගය, ලිංගිකත්වය එහෙම නැත්නම් ශෘංගාරය. මොන වචනයෙන් කියන්න උත්සාහ කලත් මේ කියන්නෙ එකම දෙයක් ගැන උනත් මං මේ කියන්නෙ කාමය කියන බරපතල සහ විකෘති ආශාව ගැන නම් නෙවේ. මට හැඟෙන විදිහට කාමය කියන සංකල්පය හරිම දරුණු, මානුෂීය පැත්තෙන් පිට පනින සංකල්පයක්. ඒක මට දැනෙන හැටි.

සරලව සහ පැහැදිලිව කියනවා නම් රාගය කියන්නෙ පට්ට සහ මාර දෙයක්. විරුද්ධ ලිංගිකයා ගැන හිතේ ඇතිවෙන මේ හැඟීම තරුණ තරුණියන්ව වෙලාවකට මාර විදිහට අසරණ කරවනවා. ඒ නිසාම ආදරය කියන අයිසින් එකෙන් වට කරලා මේ රාගය කියන අවලස්සන යැයි හඳුන්වන නමුත් මිහිරි කේක් ගෙඩිය විරුද්ධ ලිංගිකයා සමඟ බෙදා ගන්න බලනවා. අන්න ඒ වෙලාවට තමයි අද පෝස්ටුවට අදාළ මාතෘකාව එලියට එන්නෙ.

මේ බලන්න අපේ ආදරවන්තයෝ පට්ට ක්‍රියේටිව් නැද්ද කියලා...

1. මට නම් හරිම සීතලයි... ඔයාට සීතල නැද්ද...? - මෙන්න එක ආරම්භයක්. සීතල කියන කාලගුණ විද්‍යාත්මක සාධකය හරහා තමන් හොයන මානසික සංතෘප්තියට පාර කැපීම. හරිම සරලයි. ලස්සනයි.

දැන් අපි හිතමු මෙහෙම අහද්දි අනිත් පාර්ශ්වය 'ඔව්' කියලා උත්තරයක් දෙනවා කියලා.

'එහෙනම් මං ඔයා ලඟට එන්නද? / එහෙනම් මගෙ ලඟට එන්න බබා.'

ඔය ආදී වශයෙන් කතාබහ ඉදිරියට ගියා කියමුකෝ. යම් කිසි මොහොතක මේ මානසික ආතල් එක සීමාව පනිනවා. අපි හිතමු කොල්ලා සීමාව පැන්න කියලා. එතකොට කෙල්ල අප්සට් වෙනවා. කොල්ල ගැන පිළිකුලක් ඇතිවෙනව.

ඒත් කොල්ලා පට්ට ක්‍රියේටිව් නිසා බය වෙන්නෙ නෑ.

'අනේ ඔහොම තරහා ගන්න එපා. මෝඩි. ඔයා මං මේ කියන දේ විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. මං ඔයාව චෙක් කලා. මං හොයන්නේ මගෙ අනාගත වයිෆ්ව. ඒ නිසා මට ඔයාගෙ චරිතෙ තෙරුම් ගන්න ඕනෙ වෙලා තිබුණා. ඔයා ඉක්මනින්ම ආසාවන්ට යට වෙන කෙනෙක්ද කියලා දැනගන්න ඕනෙ නිසයි මං එහෙම දේවල් කිව්වෙ. මට දැන් ඔයාව විශ්වාසයි.'

අනේ කොල්ලා ඔහොම කියනකොට කෙල්ලට මාර සැටිස්. පුදූම ආදරයක් ඇතිවෙනවා කොල්ල ගැන. අනිත් අතට කොල්ලා දැනටමත් කෙල්ලට යම් තරමකින් රාගය කියන දේ හිතට දාලයි තියෙන්නෙ. ඒ අතින් බලනකොට කෙල්ල සහ කොල්ලා දැන් ඉන්නෙ කොල්ලට ඕනෙ කරන ට්‍රැක් එකේ.

එදා කොල්ලා අර විදිහෙ කතාවක් කියද්දි කොල්ලට බැන්නට ඔය නිකන් ඉන්න වෙලාවට කෙල්ලට ඕව මතක් වෙනවා. ඒක හරිම ස්වභාවික සංසිද්ධියක්. එහෙම වෙද්දි කෙල්ල නියමෙට ට්‍රැක් එකට පනිනවා.
කොහොමද ආදර ලෝකෙ ක්‍රියේටිව් පැත්ත...???
-------------------------------------------------------
මේ පෝස්ටුව බලලා මේ කියන්නෙ ලියුම්කරු කරපු ක්‍රියේටිව් වැඩ කියල හිතුවත් කමක් නෑ. මං දකින විදිහට මේවා වැරදි නෙවෙයි. මේවා සාමාන්‍ය දේවල්.
  1. ඉතින් ආදර ලෝකෙ ක්‍රියේටිව් වැඩ Part 2 වලින් හමුවෙමු. ජය වේවා.


No comments:

Post a Comment

නිකං ඉන්න එකේ කොමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ...!!!