Tuesday, May 12, 2015

Don't ක්‍රයි 02 කොටස - A novel by අවමංගල

 Don't ක්‍රයි 01 කොටස


තවත් දවසකට ඉර පායලා තිබුණා. මට හිතන්න කොච්චර දේවල් තියෙන්වද කියලා දැනෙන්නේ දැන්. ගෙවී ගියපු රෑ... ඒක හරියට පිරිමියෙකුට තමන්ගේ මධු සමය දා රාත්‍රියක් වගෙයි මට නම් දැනුණේ. මහා වගකෙම් ගොඩක් ඔළුවටම බර වුණා වගේ. මිදුලේ ටැප් එක ළඟට යන්න බැරි තරමට හිත කම්මැලි වෙලා... එහෙම නැත්නම් කියාගන්න බැරි මොකක්දෝ හැඟීමක් නිසා හිත අඩපණ වෙලා වගේ.

කුස්සියේ පොඩි සින්ක් එකෙන් මූණ හෝදා ගත්තා. එත්කොටයි මතක් වුණේ පෙරේදා උදේ අඩි යාර බාප්පත් එක්ක පින්කමට බඩු ගේන්න ටවුමට යන්න දත් මැන්දට පස්සේ දත් මැන්දෙම නෑ කියලා. ඒ මදිවට මූණ පුරාම රැවුල. දත් මැන්දට මගේ එකම අනන්‍යතාවය වෙන රැවුල කපන්න නම් ඉඩක් ලැබුණෙම නෑ. දෙතුන් වතාවක් ෆෝන් එක රිංග් වුණා. මං දන්නවා උදේ පාන්දරම මල් හොයන මල්සරා වෙන්න ඇති. ඌට සූස්තිය නැතුව උදේට වැසිකිලි යන්න බැරි රෝගයකුත් ළඟකදි ඉඳලා තියෙනවා. මං නම්බර් එකවත් නොබලා ආන්ස්වර් කළ...

"කියපන් බං උදේ පාන්දරම උඹෙන් මහ කරදරේ" සද්දයක් නැතුව තත්පර 2ක් ගෙවිලා ගියා... ඊළඟට ඊයේ රෑ ඇහුණ අර අමුතු ගෙජ්ජි වැල් හිනාව... ශෙනාලි බං...

"ඔහොමද මෝඩයෝ කෙල්ලට කතා කරන්නේ? ටිකක් ආ....දරෙන් කතා කරන්නකෝ..." හිතට උම්ම දෙනවා වගේ හැඟීමක් මාව හිරි වැට්ටුවා.

"හරි හරි සොරි හොඳේ..."
"මොකද බං මේ කවදාවත් නැතුව ෆුල් ඩීසන්ට් වෙලා?" පුංහි හිත මගෙන් අහනවා. මගේ කැලෑ ගතියත් එළියට එන්නෙ ඔන්න ඔය වෙලාවට. මං ඉවසාගෙන හිටියා. කටහඬ ඇහෙද්දිත් සනීපයි... හරියට දාඩිය වෙලාවට සමනගෙ ඒ සී කරපු බාර්බර් සාප්පුවට රිංගුවා වගේ.

"කීයටද මාව බලන්න එන්නේ?"
"ඇයි තමුසෙ හොස්පිට්ල් එකේද ඉන්නේ?"
"ඔහොම කතා කරන්න ඔට්ටු නෑ හොඳ ද? තරහයි..." බීප් බීප් බීප් සද්ඩයක් ආවා... පිස්සුද යකෝ? මොබයිල් ෆෝන් වල කෝල් එක කුට් වුණාම බීප් බීප් සද්ද එනවද? හංස, ආදරයේ වේදනාව දැන් තමයි පුතෝ උඹට දැනෙන්න පටන් ගන්නේ...

කොච්චර කෝල් කළත් කට් කරනවා... අහුවෙයන්කෝ මට. යශෝදා අක්කා උදේට උයලා තිබුණ රොටී දෙකෙන් එකක් ඉක්මනට කාලා ට් ෂර්ට් එකක් දාගෙන පාරට බැස්සා.


--------------------------


ශෙනාලි කාර් එකෙන් බැහැලා හෙමිහිට සංස්කෘතික එක පැත්තට එනවා. ඊයේ හවස වෙනකල් රැකපු පතිවත බිඳුණා වගේ බයකින් මං බිම බලාගත්තා. වෙනදට කෙල්ලගෙ ලස්සන ගැන හයියෙන් කියන, ආසාවෙන් බලන මට මොකක්දෝ වෙලා. තද දුඹුරු පාට මිනි ස්කර්ට් එකට කෙල්ල ඕනවටත් වඩා ලස්සනයි. වටපිට ඉන්න උන් කෙල්ල දිහා බලනවද කියලා කවදාවත් නැතුව ඇස් එහෙ මෙහෙ දුවනවා.

මම බංකුවෙන් ඉඳ ගත්තෙ නෑ. කෙල්ල ඉඳගන්නකල් හිටියා. ඇස් දෙක බිම.

"වාඩිවෙන්න හංස..." නිහැඬියාවක්. මං ගල් පිළිමේ වගේ උන්නු තැනම.

"වාඩිවෙයන් බං" සිනිඳු අතකින් මාව ඇදලා ගත්තා. කවදාවත් නොදැනුණු අරුම ස්ත්‍රී ස්පර්ශය... කාලයක්ම ලව් කරනවා යැයි කියලා හැංගි මුත්තං කරපු මිල්ටගෙ දුව කිෂානිගෙ පුංචි අතක්වත් මේ තරම් සිනිඳු නෑ කියලා මට හිතුණා. එක අතකින් ඒකිට ඕන වුණේ අවුරුදු දෙකකින් බාල මගේ අත අරන් ආදරය කරන්න නෙවෙයි. අත අරන් වෙන තැනකින් තියාගන්න.

"මේක හොඳට කල්පනා කරලා ගත්ත තීරණයක් හංස. විශ්වාස කරන්න මාව. මං කැමති නෑ මේක පඳුරු ගාණේ, පාර අයිනේ, පාක් වල, බස් වල ලාබෙට විකිනෙන සිල්ලර ආදරයක් කරගන්න. මේ වචන අපිට බර වැඩී. ඉවසලා අහගෙන ඉන්න. මං වෙනස් කෙල්ලෙක්. කොටට ස්කර්ට්ස් ඇන්දට, අමුතු වනචර කතා බහක් තිබුණට.... ඒ හැම දේටම යටින් මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මං දන්නවා, ඔයා කැමති වුණේ මගේ කාර් එකටවත්, මටම කවදා හරි අයිති වෙන මහ ලොකු ගෙදරටවත් නෙවෙයි කියලා. ඒත් මේකත් දැනගන්න කියන්නන්. මේ අත අල්ලගන්නවා නම් හෙට උදේට මාත් එක්ක පාට බැහැලා අසරණයෙකුට උදව් කරන්න සිද්ධ වුණොත් මහ රෑ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න සිද්ධ වුණොත් ඒ හැම තැනකදිම මාව රකින්න බලාගෙන ඉන්න. ගංජා ගැහුව්ට ඔයා තාම පොඩි කොල්ලෙක්. හීනෙනුත් බය වෙන, අඩි 5ක් දුර තියෙන ටොයිලට් එකටවත් තනියම යන්න බැරි පිරිමියෙක්. ගංජා ගැහුව පළියට මහා චරිත වෙන්නෙ නෑ."

මේ අවුරුදු 21 ක කෙල්ල මාව බිම දාගෙන ඔළුවටමයි ගහන්නේ. දැන් නම් හොඳටම පිස්සු වගේ.

කෙල්ල මගේ අත අරන් උකුලෙන් තියාගෙන එහෙමම ඇස් වලට එබුණා. දෙතොල් පෙති විවර වෙනවා. මේ... අර හිනාව...

"ඔච්චර බය වුණාද මෝඩයා...? මහ ලොකු ජේවීපී කාරයා. සීරියස් ගන්න එපා හංස. අපි හෙමිහිට හැමදේම පිළිවෙලකට කරමු."

උකුල උඩ තිබුණ අත අරන් සිනිඳුවට ඇඟිලි සිපගත්තා. හරියට අම්මා කෙනෙක් අළුත උපන් පැටියගෙ කකුල් කිස් කරනවා වගේ පුදුම ආදරෙන්. ඉස්සර හින්දි ෆිල්ම් බලලා ගෙදරින් එළියට බැහැලා ෆිල්ම් එක ඉවර වෙද්දි වීරයා දුෂ්ටයාට ගහපු හැටි ගැන මතක් වෙලා ෆුල් මොරාල් එක අරන් උඩ පැනලා පාරේ දිව්වා වගේ මට දුවන්න හිතුණා. අඩුම තරමේ කෙල්ලට "යනවා" කියලාවත් නොකියාම මං හන්දියට දුවගෙන ආවා. ඇත්තටම ඒක කියන්න අමතක වුණා.

"ජීවිතේ සුන්දරද මෙතරම්..."

---


" mata kiss ekakwath denne nathuwa awa neda modaya? "

Wednesday, January 14, 2015

කනෙන් රිංගන පූසා!

"තාත්ති..."
පොඩි පුතා ආවේ සුදු පැහැති ඩ්‍රෝවින්ග් පොතත් අතැතිව ය. සුපුරුදු ලෙසම අදත් මට පොඩි එකෙකු සේ ඔහු හා චිත්‍ර අඳින්නට සිදු වන බව මට ඉවෙන් මෙන් වැටහිණ. මා වැඩක යෙදෙන බව කියා ඔහුව පන්නා දැමීමට හිත් නොදෙයි.

"තාත්තී... අද ටීචර් කියල දුන්නා හාවෙක් අඳින හැටි!"
පොඩි පුතු 'ර' යන්නද, 'ට' යන්නද එකතු කර හාවෙකු ඇඳ පෙන්වයි. මම බලමින් උන් පුවත්පත පසෙකින් තැබුවෙමි. මගේ අතීතයේ අමිහිරි තනිකම සහ ලැබූ අනාදරය පුතුට හිමි කර දෙන්නට තරම් අමනුෂ්‍යයෙකු නොවෙමි.

"ලස්සනයි... එහෙනම් චූටි පුතා දන්නවද 9 ඉලක්කමෙන් මේ වගේ ලස්සන කණක් අඳින හැටි?" පොඩි එකාගේ කන් පෙත්ත සෙමෙන් කොනිත්තමි. සුදු කන රත් පැහැ ගැන්වෙයි. කොතරම් රිඳුණද කොල්ලා කිසිදා හඬන්නේ නැත.

"අම්මී... තාත්ති මගේ කන මිරිකුවා" ලහි ලහියේ රෑ කෑම සකස් කරන නිලූ හැරී බලයි. මහත් වූ කේන්තියක සේයාවක් වතේ ඇඳී යයි.

"තාත්තිට දැන් පුළුවන් ඕවා කරන්න විතර නේ පුතේ" එය නින්දිත පිළිතුරකි. පසුගිය මාස 3, 4 තුළ මා ගැහැනියක ඉදිරියේ ඕනෑවට වඩා පිට කොන්ද අමතක කර හිස නමා ඇත්තෙමි.

මා නිරායාසයෙන් ම කල්පනාවට වැටෙයි. අනාදරය උරුම වූ ළමා විය ගෙවා දමා හිතට දැනුණු පළමු ආදරය ඇය යි. ආදරයේ ඇදුරුතුමිය ඇය යි. ජීවිතය වැටෙන්නට යන විට තවෙකෙකුට නතු වන්නට යන විට ගොඩ ගෙන මා කෙලින් සිට වූ සොඳුරුතම ගැහැණිය ඇය යි. නමුදු දෛවය අපට උරුම කරන්නේ සතුට ම පමණක් නොවන කල, කුමක් නම් කරන්න ද?

"අනේ තාත්තී... කියලා දෙන්නකෝ" සිතුවිලි දැහැන කැඩී විසිරී යයි. එය මහත් වූ සහනයකි.

"කෝ පුතු අඳින්නකෝ නවයෙ ඉලක්කම"
"නවය කියන්නේ මොකක්ද තාත්ති ටීචර් තාම කියලා දුන්නේ නෑනෙ" ඔහු පෙර පාසලට ගොස් මාසයකි. නිලූ අසා උන්නා නම් ආයෙමත් දෙපැත්ත කැපෙන වචනයක් කියනු නියත ය.

"ඔන්න බලාගන්න අපි මේ ටීවී රිමෝට් එකේ බැටරිය ගමුකෝ... මෙන්න තියෙනවා" එවරෙඩි පෙන්ටෝච් බැටරිය ගලවාගතිමි. ඔහු එය අතට ගෙන හරවමින් බලයි. තනිවම හිනැහෙයි.

"කෝ තාත්ති නවය?"
"මේ තියෙන්නෙ පුතේ..."
"තාත්ති මේ චූටි පූස් පැටියෙකුත් ඉන්නවා... මේ..." 9 ඉලක්කම අඳින හැටි කියා දෙමි. 9 න් කණක් අඳින අපූරුව දැක පුතු හිනැහෙයි.

"තාත්ති මෙන්න මෙහෙම පූසව ඇන්දම තව ලස්සනයි. කනෙන් රිංගන පූසෙක්!" කුස්සියේ මහත් හඬින් ඇය පිඟන් සෝදයි.

"තාත්ති මේ පූසා කොහෙද යන්නේ හයියෙන් දුවගෙන?"
"මීයෝ අල්ලන්න පුතේ"
"එහෙනම් ඇයි මේ බයෙන් වගේ පිටිපස්ස බලන්නේ?"
"කවුරු හරි දකී කියලා"
"ඇයි ඒ?"
"එතකොට මීයො අල්ලනවා කියලා වූව ගෙදරින් පන්නනවනේ..."
"අපේ පූසත් මීයො අල්ලනවද තාත්ති..."
"ඔව් පැටියෝ... ඉස්සර නම් ඇල්ලුවේ නෑ... ඒත් ගෙදර අය නැතිවෙනකොට මීයො අල්ලනවා..."