Saturday, June 09, 2012

වෛශ්යා කන්යාවිය



මෙය තවත් එක් *සා(ගාසා) කතාවක් වන්නට පුළුවන.
එය එසේම යැයි කිව හැක්කේ කියවන්නාගේ සිතුවිලි පරම්පරාව සමඟ යැයි මා තදින් විශ්වාස කරමි.

ඔයා පිරිමියෙක් එක්ක බුදියගෙන තියෙනවද?

කවුරුන් හෝ කෙදිනක හෝ එබන්දක් මගෙන් විචාරයි නම් මගේ මුවින් ඊට පිටවන පිළිතුරු සර්වකාලීනව සම වන්නේ .

නැහැ....

ජීවිතය පිළිබඳ , ආදරය පිළිබඳ විසිතුරු ආලවට්ටම් දමා විශාල ප්රමාණයේ වෛවාරණ දෙසුම් දෙසන සත් ගවේෂීන් මා අනන්තවත් දැක ඇත්තෙමි. අරහත් වන්නට ඔන්න මෙන්න සකෘදාගාමී වැටඋඩ ඉන්න එවැන්නවුන් සම්බන්ධයෙන් මසිතේ ඇති ආකල්පය නම් අතිශය ලැජ්ජාබර සිනහවක් පමණි.

කාලයක් මා සමඟ ඉතා කුළුපගව කතාබස් කරන එක්තරා විධායක නිළදරුවෙක් සිටියේ . එකල මා සේවය කළේ එක්තරා විදේශීය රාජ් නොවන සංවිධානයක පරිගණක අකුරු ඇමුණුම් ශිල්පිණියක වශයෙනි. විශේෂ වශයෙන් ලබන පිරිමින්ගේ දෙනෙත් ස්පර්ෂ වීම් එහිදී නොලද්දේ නොවේ. නමුත් මා සේවය කල අන් තන්හි මෙන් වඩාත් අශුභදායක ප්රතිඵලයක් කරා මා රැගෙන ගියේ නැත.
දහවල් තේ මේසයට වාඩි ගන්නා සේවක සේවිකාවෝ එදිනෙදා වල්පල් දොඩවති. ඇතැමෙකු කෙටි සායකින් සැරසී සිටින යුවතියකට සරදමක් කරයි. තවත් විටෙක මගේ මිතුරිය - සුභා, ශෘංගාරාත්මක විහිළුවක් දෙකක් කියයි.

උඹ දන්නවද... _______________ ලස්සනයි... මාර ක්යුට්...

එවන් දේ ඇසී අප දෙස බලන යට කී විධායක නිළධාරියා - තුෂාර බලන්නේ සුභාදෙස නොව මා දෙස . එවිට මා වඩාත් ඕනෑකමින් දෙපා දෙපසට විහිදුවා සිනාසෙමි. ඔහු ගල් ගැසුණාක් මෙන් එදෙස බලා යළි යළිත් දෙනෙතින් පහස පතයි.

එවැනි ඒකාකාරී සිදුවීම්වලින් මසකට පමණ පසු ඔහු මා හඹා එන බවක් මට සිතිණ. මා හදිසියේ කාර්යාලයීය කටයුත්තකට ඔහු හමුවන්නට ගිය විට ඔහු වෙනදා නැති අමුතු, සෞම් නමුත් ගිනි ගන්නා සුළු දෑසින් මදෙස බලා සිටියි. මම මගේ පාඩුවේ නිශ්ශබ්දව සිටිමි.

ආහ්... වාඩිවෙන්න මිසිස්... සොරි මිස් චාරුණී... එවන් ලාබාල ගණයේ විහිළු ඔහු මුවින් පිටවන විටෙක නම් මට සියුම් තරහවක් සිතෙයි. මා ඊට වඩා බඩ පැලෙන තරම් විහිළු ඇති පදම් අසා ඇති හෙයිනි.

මම ඔහු අසලට ගොස් තරමක් ඇද පැද කතා කරමි. දෙනෙත් මා සිරුරෙහි දැවටෙයි. ඔහු යටි තොල විකයි. අපහසුතාවයකට පත් වූවාක් මෙන් අසුනින් නැඟිට වහා වාඩිගනියි.

සර්...! මට හෙට පොඩී ගමනක් යන්න තියෙනවා... මට හෙටට විතරක් නිවාඩුවක් දෙන්න පුළුවනි ? ප්ලීස්ස්ස්...

ඔහු ව්යාජ බැරෑරුම්කමක් මවාපාමින් කල්පනා කරයි. නැවත මා දෙස බලයි.

හ්ම්... මම කොහොමද පැටියො ඔය නිවාඩුව දෙන්නෙ... ආහ්... එතකොට හෙට කවුද මෙතන වර්ක් කරන්නෙ... හ්ම්...

අනේ ප්ලීස් සර්... මා වඩාත් ඔහුට නැඹුරුව අයැදිමි.

ඕකේ... මා ඔහු මා ඔහුගේ අත්සන ගන්නට ලිපිය දෙන විට ඔහු නොදැනුවත්කමකින් මෙන් මගේ අත පිරිමදියි. මම වටපගේ අත්සන ගන්නට ලිපිය දෙන විට ඔහු නොදැනුවත්කමකින් මෙන් මගේ අත පිරිමදියි. මම වටපිට බලමි.

සර්... සර්... සෙක්රටරි එනවා. දැහැන බිඳුනාක් මෙන් බියෙන් සලිතව ඔහු ඔබ මොබ බලා... ......
හරි හරි... කියයි...

ලේකම්වරිය දකින විට මට ගැන වෛරයක් මෙන් සියුම් ඊර්ශ්යාවක් දැනෙයි. උත්සාහ කරන්නේ තුෂාර සර් දැලේ දාගන්නට . මා තරම් පැහැපත් නැතත් නිතරම ඔහු සමඟ දොඩන්නේ අමුතු ස්වරයකිනි. නමුත් තුෂාර සර් ගැන එතරම් පැහැදීමක් නැත්තා සේ .

සර්ර්... හෙට චිලව් වල විමෙන් ලෙක්චර් එක... ඕගනයිසර් කෝල් කලා. අනිවාර්යෙන් මටත් සර් එක්ක එන්න කිව්වා... කාර්යාල මේසය මත දෑත තබා ඉදිරියට පිටුපසට පැද්දෙයි. තුෂාර සර් කේන්තියෙන් මෙන් බලා ඇයට යන්නට කියයි.

කාන්තාවන්ට අද කාලේ සිදුවෙන ගොඩක් හිරිහැර ගැන මම සහ මගේ දේශක මඩුල්ලදේශන පවත්වනවා. ඔව් ඔව්... දැන් මිස් ඔයා හිතන්න ඔයා සේවය කරන කාර්යාලයේ ප්රධානීන්ගෙන් ඔයාට කවදාවත් අයුතු යෝජනා ඇවිත් නැද්ද...? අකටයුතුකම් වෙලා නැද්ද...? අපේ ඕගනයිසේෂන් එක වගේ හිංසා පීඩාවලට විරුද්ධව ඉන්ටර්නැෂනලි ඇක්ෂන් ගන්න ආයතනයක්. දියුණු සමාජයක වගේ නරක දේවල් සිද්ධ වෙන්න නරකයි...

මා තනිවම සිනාසෙමි. සිනහව  ඉන් ටික කලකට පසු තානායම් කාමරයක ගෙවුණු අතිශය සොඳුරු සැඳෑවක අවසන් නිමේෂයේද මගේ මුවේ රැඳුණු සැටි මට සිහිවෙයි.

තුෂාර කිසිවක් නොකියා ටයි පටිය ගෙල වටා දමා හැඩ බලයි. මා ළඟට විත් යළිත් පිබිඳුණු හැඟුමින් යුතුව මා තරයේම සිපගනියි. හෝරාවක් පුරාවට ලද චුම්බනයන්ගෙන් පමණක් ඔහු සෑහීමකට පත් නොවන බව මා දනිමි. නමුදු... එතනින් එහාට මගේ රහස් කරුණු කාරණා කිසිසේත් ප්රසිද්ධ කළ නොහැක.

ඔයාට මාව සැකද චාරු... පරාජිත හැඟීමෙන් ඔහු දොඩවයි. පිරිමියෙකු තමා පතන අනුරාගීය සැපත තමා සිතූ තරම් නොලැබුණු කල කෙබඳු තරම් පහත් තත්ත්වයකට අසරණ තත්ත්වයකට පත්වේදැයි මා හොඳින් දනිමි.

හෙනම්... ඇයි... ප්ලීස්...

මම ඔහුව අස්වසමි. බැරිම තැන තව ස්වල්ප වේලාවක් ඔහුට මා ළඟ ඉන්නට ඉඩ දී බලා සිටිමි.

මා ළඟින්ම ඇසුරු කල දහ දොලොස් දෙනා අතරින් අකීකරු හිතුවක්කාරම පුද්ගලයා තුෂාර යැයි මම නිගමනය කළෙමි. සල්ලාල බේබද්දෙකු වූ මැක්කා යැයි නම් ලද මනෝජ් වත්, නිරන්තරයෙන් අභිසරු ලියන් සමඟ ඇසුරට පත්ව අත්දැකීම් ඇති සුසන්තවත් මේ තරම් මුරණ්ඩු වුන් නොවී . කරුණු එසේ තිබුණ වරෙක මට තුෂාර ගැන පැහැදීමක ඇති වෙයි. සිත චංචල වෙයිත මට නොහැඟෙන අපූරු ආදරයක් ඔහු ගැන ඇතිවෙයි.

පුංචි කාලෙ ඉඳන් පොත් ගුල්ලෙක් වෙලා හිටියා. කැම්පස් ගියා. ජේවීපී කාරයොත් එක්ක එකතු වුණ නිසා කෙල්ලෙක් එක්ක පඳුරක් අස්සටවත් යන්න බැරි වුණා. ඩිග්රිය ගත්තා. අවුට් වුණා... ඒත් හිතට මොකක්දෝ අඩුවක් දැනෙනවා චාරු...

ඔහු බොහෝ සේ සතුටෙහි කිමිද යළි සත් පියවි ලොවට කල ජීවිතය කලකිරවන සුළු එවන් දේ නිතර කියයි.

මට වෙලාවකට ඔයා ගැන පුදුමත් හිතෙනව. තමන්ගෙ දේ ආරක්ෂා කරගෙන තමන් වෙනුවෙන්, තමන්ගෙ සතුට වෙනුවෙන් තවත් කෙනෙක් එක්ක ඇඳට යන එක... ඒක අමුතුම අත්දැකීමක්. මට පුදුමයි චාරු.
ඔයාට ඇත්තට මේ සාම්ප්රදායික සමාජෙ තැනක් තියෙනවා. ඕනැම නැන්දම්ම කෙනෙක් හොඳ දුව කියලා සමන් පිච්ච වතුරෙන් නාවලා ගෙට ගනීවි.

මම ගැන බොහෝ කල්පනා නොකරමි. අදටත් ජීවිතය යනු මෙය යැයි සිතා මා සතුටු වන්නෙමි.

මං පිරිමිත් එක්ක ඇඳට ගිය බවත් ඇත්ත, මගේ ඇත්තම ඇත්ත කන්යාවි කියන වටිනා නම නැති වෙලා ගොඩක් කල් ගිහින් බවත් ඇත්ත...
ඒත් මේ සාම්ප්රදායික සමාජයේ මං කුලවත් පතිනියක්...!