Tuesday, July 31, 2012

රැයම කඳුළින් තෙත් කලා...

මේ දිගු සංසාර ගමනේ...
අතර මඟදී හමුවෙලා...
කොතැනකදි හෝ වෙන් වෙලා...
අනේ නුඹ මා තනි කලා...

ආයෙ ඇවිදින් හීන අරගෙන
තුරුල් වී ඇසි පියෙන යාමෙක...
අහෝ දෙවියනි!
ඇගේ වෛරය...
රැයම කඳුළින් තෙත් කලා...

Sunday, July 22, 2012

පලා බබාලා ට ලියමි...

ආයිබෝවන්...!
දිරවන්නේ නැති හීන දිදී...
අපි නොකිව්වට
තොපි නොදැන උන්නට...
පලා බබෝ..තොපේ කෙරුවාව දැකලා
අපි හිනැහෙන්නෙ
කටින් විතරක් නොවෙයි...
පශ්චාත් බාගයෙන්...

පිල් මාරු කර කර
වෙස් මාරු කර කර
මැරවරයින් බිහිකරවන
තිඹිරි ගෙය නුඹයි...

අහිංසක මල් කැකුළු
තලා පොඩි කරන්...
රුව ඇති කතුන්
වසඟයට අරන්...
රස්සාව දෙන්නං
අහවල් හෝටලේට එන්ට කියන
මුන්ට...
හෙණ 7 ම ගහලත් මදි නෙවද?



Saturday, July 21, 2012

අයියෝ සල්ලි...


අයියෝ සල්ලි...
ගණන් පාස් නැති, ඒත් ගණන් කියන ගණිකාවක්
සොයා ගියෙමි...
ව්‍යාජ රඟපෑම්,බොරු සොබන, වන් ටූ එයිට් මායම්...
ගණන් කියන්නී...
අයියෝ සල්ලි...

රුපියල් දාහට දෙදාහට
පිරුමියෙක් ඉස්ස්‍රහ කකුල් පලල් කරන...
වරද කාගෙද... ඒ අසරණීගෙද...?

Don't ක්‍රයි - A novel by අවමංගල


"ප්ලීස්... දැන් ඔය කතාව නවත්තන්න... ලුක් ඇට් මී ඩාලින්... අනේ ඩෝන්ට් ක්‍රයි..."

ඒ කතා කලේ මගේ හුස්ම ටික... දන්න මතකයක් ඇති කාලෙක ගැහැණු ප්‍රාණියෙකුගෙන් ඇහුව හරිම හැඟුම්බරම, ආදරණීයම වචන ටික.

ගොඩාක් දුක්බර කතා හැමවිටම පටන් ගන්නේ දුකත් එක්කම නොවුණත් මගේ කතාව පටන් ගත්තේ අනිවාර්යෙන්ම දුකකින් වෙන්න ඇති කියලා මං අදටත් විශ්වාස කරනවා.

මේ ජීවිතේ පළවෙනි වතාවට සිගරට් එකක් එක්ක ඔතලා මලක්(බීප්...!)උරපු දවසේ මං හිතාගත්තා මේක තමයි ජීවිතේ කියන්නේ කියලා. හිතුවක්කාරකමට රෙස්ට් හවුස් එකකට ගිහින් ගෑණියෙක් එක්ක බුදියාගෙන ලබපු පළමු සුරතාන්තය වෙලාවෙ මට දැනුනා මේකට තමයි ආතල් එක කියන්නේ කියලා.

ඒත් දෙයියනේ...! මං සතුටක් ගන්න කරපු ඒ හැම දෙයක්ම හිස් දේවල් කියලා දැන් මට හිතෙන්න පටන් අරන්. මේ විශ්වය රැදී තියෙන්නේ මවකගේ කිරිවලිනුයි, හිරු රැස් වලිනුයි කියලා මැක්සිම් ගෝර්කි කියලා තිබුණ බව මට හීනියට මතකයි. ඒත්...
මං මාව ජාතක කරපු අම්මගෙන් කිරි නොබීපු බව මට සහතිකයි.

අම්මා කියලා කෙනෙක් නොදැකපු, තාත්තා කියලා කෙනෙක් ගැන නොදන්න මං, මේ ලෝකෙ ඉන්න අවාසනාවන්තම මිනිහා කියලා මං හිතුවා.

මං දන්නවා. මට මෙතුවක් කල් කවදාවත් අම්ම කෙනෙක්ගෙ තනයකින් කිරි ටිකක් බොන්න බැරි වෙන්න ඇති. ඒත් ඉපදිලා අවුරුදු 23කට පස්සේ මං අමා කෙනෙක් නොවෙන, ඒත් අම්මා කෙනෙක් තරමටම මට ආදරේ කරන ගැහැණු පපුවක් උඩ ඔලුව තියාගෙන අම්මගෙන් නොලබපු කිරි සුවඳ හෙව්වා...

ශෙනාලි... යංතම් අවුරුදු 21 කඩඉම පැනපු ඒ සංවේදී ගැහැණු හිතට මගේ හැඟීම් තේරුම් ගන්න පුලුවන් වෙලා. සත්තකින්ම...

"ඩූ යූ ලව් මී???" අහසේ මල් පිපුණු, මහ පොලොවේ තරු පායපු එක ලස්සන රාත්‍රියක මල් පවනේ උන්නු මාව ඒ වචන ටික දැකලා ගැහිලා ගියා.

හදිස්සියේම හිතට ඩැනුණු ආදරණීය ආවේගයත් එක්ක මං ඇයට රිප්ල්ය් කලා.

"ඔව්... ඔයා මට ගොඩාක් ආදරෙයි. මං ඔයාට ආදරෙයිද...???"

තත්පර ගාණක් ගියා. මට කෝල් එකක්.

"හෙලෝ..."
"මෝ...ඩයා..." මේකි හිනා වෙනවා. ඒ හිනාව... අනේ මන්දා. ඒත් මහ පීචං හිනාවක්.
"ඇයි?"
"මෝඩයො පොඩ්ඩකට සෙන්ට් අයිටම්ස් බලන්නකෝ..." එහෙම ඇදලා පැදලා කියද්දි මොන හිතද දෙයියනේ උණු නොවෙන්නේ...
"මොකටද?"
"පණ්ඩිතයා නොවී බලනවකො..."
"හුටා" මට එහෙමම කියවුණා. මේකි තව තව හයියෙන් කැකිරි පලනවා.
"පිස්ස...! හූ..." මට කෝචෝක් කරන ඒ මූණ මේ මහ රෑ කොයිතරම් ලස්සන ඇත්ද?
"පිස්සු කෙල්ල... මට කොච්චරක් ආදරෙයිද?"
"ම්ම්ම්ම්... මෙන්න මෙච්චරක්..."
"කෝ කොච්චරක්ද?"
"මෙච්චරක් බං..."
"කට වහගන්නව මෝඩි... ඔය ගෑණු ළමයෙක් කතා කරන හැටිද?" මං බොරු තරහක් අරගෙන කිව්වෙ.
"සොරි අනේ මැටි කොල්ලෝ... මං ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදලෙයි..."

මං ෆෝන් එක කනේ තියාගෙන එහෙමම මකුණො පිරුනු කොට්ටෙ උඩින් ඔලුව තියාගත්තා. මල් පවනත්, ආදර මල් පවනත් අතර වෙනස ඒ මහ රෑ මට දැනුණා. හිත පුරාම අමුතු සුවඳක් ගලන්න පටන් ගත්තා. හරියට කුණු පිරුණු මුලු ජීවිතේම හොදට සබන් දාලා ගලේ ගහලා හෝදනවා වගේ.

...ගෑණු කියන්නේ මහ ජරා වේ*යො ටිකක් බං... එකෙක්වත් විශ්වාස කරන්න බෑ...

කවුරු හරි එහෙම කතාවක් කියද්දි මාත් ඒක හරි ය කියල පිලිගත්තු කාලයක් තිබුණා... ඒත් මේ පොඩි කෙල්ල දිහා මට ඒ ඇහෙන් බලන්න බෑ...

-----------------------------------------------------------------------------------------------------------

ඉතිරි කොටස් ලඟදීම බලාපොරොත්තු වන්න...!



Thursday, July 19, 2012

දික්කසාද පෙම්බරීද මං...???

"කුසුම නෙතඟ තෙමනා
බොර පාට ඇස් අඟින් බේරී
වැටෙන මේ කඳුළු පේළී
ගිලා බසින දුකිනා
අවනඩුව තනිව විඳවනා
දික්කසාද පෙම්බරීද මං...
දික්කසාද පෙම්බරීද මං...


රෑ තිස්සේ මල් හීන ඇහිදින්න ගියෙත් නෑ...
ඇවිත් පෙම්බර සුලං රොන් අරන් ගියෙත් නෑ...
සිත තලන පෙලන පෙම්බරාණ හිතවතාණ කියන්න...
මට කියා දෙන්න...


මහ දුකක් දැනී දැනේ නිරුත්තර රැය පුරා...
හැඬුම් වැලපුම් ඇසී සොඳුර නුඹ හඬනවාද
කියා නුඹ ඇහුවෙ නෑ
සමසුනේ ලඟින් ඉඳන්
මට කියා දෙන්න..."




විවාහ ජීවිතය වූ කලී කොතරම් සුන්දර දැයි, කොතරම් දුක්බර දැයි කියන්නට අවමංගල දන්නේ නැත. නමුදු විවාහ ජීවිතය විටෙක අතිශය සුන්දර වූත්, තවත් විටෙක අතිශය දුක්බර වූත් කාලපරිච්ඡේදයකැයි උග් සිතෙන්නේ මෙවන් ගීත අසන විටදී ය.

සුපර් ස්ටාර්ස් ලා හොඳ නැතැයි ඇතැමුන් කීහ. නමුත් සුපර් ස්ටාර්ස් ලා ටිකක් හෝ හොඳ යැයි සිතෙන්නේ සුපිරි තරු තරඟය හරහා කරලියට පැමිණි ගයනි මධූශා ගේ මේ ගීය අසද්දී ය.

අපේ රටේ ප්‍රවීණ, ප්‍රබුද්ධ යැයි බෝඩ් ගසාගත් සංගීතඥයන් අතලොස්ස හැරුණු කොට අනෙකෙකුට සුභාවිත ගීත ගයන්නට බැරි යැයි ද වත්මන් ගීත කුලකය තුල තිබෙන ගීත අරුත් සුන්, හරයක් නැති ගීත යැයි ද දිගින් දිගටම චොදනා එල්ල වෙමින් පවතී. නමුත් සුභාවිත ගීත කලාව වූ කලී ප්‍රබුද්ධ නිර්මාණකරුවන් යැයි තමන් විසින්ම හඳුන්වාගන්න සුළුතරයකට පමණක් සීමා වූ කලාවක් නොවේ.

විවාහය..., ආදරය, ලිංගිකත්වය, අඹු-සැමි සම්බන්ධය, රාත්‍රිය, කඳුළ, සුසුම...
මට මහ හඬින් හඬන්නට සිතෙයි. ගීතයේ කතානායිකාවගේ ඉකිබිඳුම හදවතේ පතුල අතිශය රළු අයුරින් ස්පර්ශ කරනු දැනෙයි.
විවාහයෙන් පසු ස්ත්‍රියකගේ උවමනා බොහෝ තිබෙනවා වන්නට පුළුවන. විවාහ වන්නට සිටින කෙල්ලක විවාහයෙන් පසු අනාගතයේ එලඹෙන්නට නියමිත සයනයේ හෝරාවන් ගැන බොහෝ ශෘංගාරාත්මක ව සිතනවා ඇත. එසේත් නැති නම් සිහින දකිනවා ඇත ආශාවන් පොකුරු ගැහෙනවා ඇත.

නමුදු... ඒ තරම් ප්‍රාර්ථනා, හීන, ආශාවන් සිතේ තද කරගෙන විවාහපත් යුවතියකට තම නීත්‍යානුකූල සැමියාගෙන් තමන්ට අවැසි ආදරය, කරුණාව, උණුසුම නොලැබෙනවා නම්... ඒ යුවතියට තරුණියට උරුම වී ඇත්තේ කොතරම් අභාග්‍යසම්පන්න ඉරණමක්ද...???

දෙනෙතට කඳුළු එන්නේ එවිට ය. ඔව්...

සැබැවින්ම ,

රාත්‍රියේ ආශාවන් සිත තුළ දඟ කරන යාමයක කතානායිකාව අසරණ වන්නී, කඳුළු සලන්නී ය.

රෑ තිස්සේ මල් හීන්ම ඇහිඳින්න ගියෙත් නෑ...
ඇවිත් පෙම්බර සුලං රොන් අරන් ගියෙත් නෑ...

මේ... ඕ බිඳුණු ආයාචනයක නටබුන් මතින් ඇය නඟන පැනය; විවාහයෙන් පසු ස්ත්‍රියක තම ස්වාමියාගෙන් පතන උණුසුම, ආදරය හදිසියේ නැතිව යාම ඇයට එකවරම උහුලා ගත හැකිද? මුලු මහත් චිත්ත සන්තානය පුරාම විහිද යන්නේ අනුරාගය, අතීතයේ සොඳුරු ඩසුන් සහ දුක ය. කඳුළැලි ඇගේ දෙනෙත්වලට අරක්ගෙන ඇති සැටියකි. ජීවිතය පුරාම ඇයට හිස් බවක් ඩැනේ.

මේ තරමටම තම සිත රිඩහ්වන්නට තමන් ඩික්කසාද පෙම්බරියකදැයි කතානායිකාව සැලෙන දෙතොලින් විමසයි. යලි යලිත් 'කියාදෙන්න' යැයි ඇය නඟන ශෝකාලාපය මනුෂ්‍ය හදවත් කම්පා කරවන සුළු ය.

මගේ සිත තුල සිනමා පටයක අතිශය අලංකෘත දසුන් මවෙයි. එක් රාත්‍රියකි. ස්වාමියා අසුනක හිඳගෙන දෑත් බැඳගෙන සිටිනු පෙනෙයි. ඔහුගේ මුහුණ පුරා විහිදී ඇත්තේ තරමක රෞද්‍ර බැල්මකි. දුහුල් රාත්‍රී ඇඳුමින් සැරසුනු බිරිය ඔහු අසලින්ම ගෑවී නොගෑවී හිඳගෙන සිටී. දෝතින්ම මුහුණ වසාගෙන... ආලින්දයේ දල්වා ඇත්තේ බිත්තියට සවි කරන ලද මඳ ආලෝකය දෙන කුඩා විදුලි බල්බ කිහිපයක් පමණි.

--------------------------------------------

ජීවිතය ගැන අතිශය පුදුම සහගත සිතුවිල්ලක් සිතෙහි ගොඩ නැංවෙයි. සතුටක් පතන සිතකට නොකඩවා දුකක් දෙන්නේ නම්...

ඉතිරිය ඔබම සිතා බලන්න...



ගිනි දැල්ල නුඹයි.

සුදු මුදු දෑත අල්ලන්
පිය මනින්නට තුරු උයන් මැද...
මැව්ව හීනේ බොඳ කළත් නුඹ
සාප දෙන්නෑ සත්තකයි හෙට
අහිමි වූවත් රත්තරං නුඹ....

අකීකරු සිතට බොහො දුර යන්නට
පාර කැපුවේ නුඹයි...
කුලුඳුල් මල් පෙති සිප සනසන්නට අවසර දුන්නේ නුඹයි...
ගණඳුරේ වෙලී කඳුලැලි සලන්න උරුම කලේ නුඹමයි....
අනුරාගිනියේ මගේ ලෝකයේ රන් ගිනි දැල්ල නුඹයි....