ඔහු මගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස්වල හැංගිලා
තිබුණෙ එක ම එක ආයාචනයක්...
සමාජයේ නොයෙක් විදිහේ අසාධාරණකම්වලට...
කෙණෙහෙලිකම් වලට ලක් වුණු ඔහු අද පළමු
වතාවට මගෙ දෙපා මුල ඉඳගෙන ආයාචනා කරනවා...
ආරාධනා කරනවා... ආදරය විඳින්න... උණුහුම
විඳින්න ඒ හිතේ තියෙන ආශාව මට නොතේරෙනවා
නෙවෙයි.. මහා ගලක් වගේ හිතක් තිබුණු මට ඒ
ඇස්වල ආයාචනාත්මක බැල්ම නිසා තවත් ඒ ගල් හිත
එහෙම ම තියාගෙන ඉන්න බැරි වුණා.
"ඇයි මට මේ තරම් දුක් දෙන්නෙ
දෙයියනේ...???"
ඔහුගේ නග්න වූ උඩුකය දිහා බලාගෙන අනිමිස
ලෝචන පූජාවක් කරන්න තරම් හිතුණා. ඒ ඇස්
දෙක... ඒ මූණ... - රැවුල කපලත් නැහැ වගේ...- මවිල්
පිරුණු පපුව... මගේ හදවත මොහොතකට සසල
කළා. මට ම නොතේරෙන හැඟීම් පොකුරක් හිත
ඇතුළේ පොට්ටනියෙන් එළියට පැනලා ඇවිත් ශරීරෙ
ඇතුළෙ අමුතු විප්ලවයක් කරනවා.
ඔහු ඈත අඹ ගහක් දිහා බලාගෙන උන්නෙ... එයා
අහපු ප්‍රශ්න වලට පිළිතුර ලැබෙනකල් ඔහු බලා
ඉන්නවා... හීන දකිනවා... ඒ උණුහුම... ආදරය
ගැන...
... එයාගෙ ප්‍රශ්නෙට මං දෙන්නෙ මොන උත්තරේ ද?
ආදරය... ජීවිතය... දෙයියනේ..--- මේ හැම දෙයක් ම
ප්‍රශ්න පත්තරයක් වගේ... හරියට උසස් පෙළ
එකවුන්ට්ස් පේපර් එක වගේ... නෑ නෑ... කැම්පස්
එකේ පේපර් එකක් වගේ... අනේ මන්දා... මගේ හිත
දුරක ගියා.
ඔහු මාරුවෙන් මාරුවට මගේ දිහා ආසාවෙන් ගිනි
ගන්න ඇස්වලින් බලනවා... ඒ ඇස් හරි අහිංසකයි බං...
මගෙ හිත එහෙම කිව්වා... බම්බුව...
""මං ආදරෙයි..."" ඒ ඇස්වල
එහෙම දෙයක් ලියවිලා තියෙන්න ඇති. මට එහෙම
හිතුණා. ජීවිතයේ පළමුවෙනි වතාවට අසම්මත
ප්‍රේමයක් වෙනුවෙන් මං දුකක් විඳිනවා
දෙයියනේ...
.... මහා සුළිසුළඟක් ඇවිත් බෝඩිම ගහගෙන ගියා
නම්...
ඔව්... ඒකත් එකක් බං...මං හිතට කිව්වා...
ඒ අතීතය මට ආයෙමත් සිහි වෙනවා... අපි හමුවුණු
හැටි... කතා කරපු හැටි... තිත්ත කුණුහරුපෙන්
බැණගත්ත හැටි...
ඒ හැම දෙයක් ම මේ පුංචි බෝඩිං කාමරේට හුරු
පුරුදුයි. මේ ඇඳ සාක්ෂි දරාවි. මේ මහ පොළොවට
මාවත් ඔහුවත් පුරුදුයි. මේ බිත්තිවලට අපේ කතා බහ
පුරුදුයි. ඒත්... මට මහා නුපුරුදුකමක් දැනෙනවා...
නුපුරුදු ඇසුරක් ගැන ලොකු බයක් හිත ඇතුළේ
තියෙනවා...
ඒත් පළමු වතාවට ඔහු මගෙන් සිඟමන් යදිනවා. හැම
මොහොතක ම සමාජයේ ලොකු ලොක්කන්ගෙ පයට
පෑඟි පෑඟි අනේකවිධ දුක් විඳින ඔහු... ඔව් ඔහු...
එතකොට මම කවුද?...
මගෙ හිත මගෙන් දිග කතාවක් ගැන අහන්න
හදනකොට ම ළඟපාත පල්ලියේ ඝාණ්ඨාරේ
සද්දෙ.
දිල්කි අද මං එනකං මඟ බලන් ඇති... පව් කෙල්ල...
මට එකපාරට ම මතක් වුණේ ඇයව. මං ඇස් ඇරලා
බැලුවා. කසුන් උන්නෙ කාමරේ මේසයට බර දීලා. පව්
කියලත් හිතෙනව මේ මෝඩ මැටි පැටියා ගැන.
ඒත්....
"ඇයි ඒත්...??? What's the
problem yaar???" මගෙ හිත සමච්චලේට
ඇහුවා... රෙද්ද...
ඒත්... මොකක්ද මේ ඒත්... ආහ්!!! මතක් වුණා... - අර
ටී.වී. එකේ විදෙස් පුවත් කියන අක්කා කියන්නෙ ...
ඒත් සමඟින් විදෙස් පුවත් නිමාවට පත් වෙනවා...
සම්බන්ධතාවය ප්‍රවෘත්ති මැදිරියට කියලා... - ඒත් මේ
ඒත් එක ඒ ඒත් එක නෙවෙයි...
මම එහෙම ම ඉස්සිලා ඇද වියලට ඔළුව තියාගත්තා...
ඔහු කතා නෑ... කතාකරන්න දෙයක් නෑ...
....මගේ ජීවිතේ වටිනාම දේ මං කොහොම දන්
දෙන්නද රත්තරං.... ඔහු ළඟ දණින් වැටිලා එහෙම අහ
අහා අඬන්න තරම් මට හිතුණා...මට හොඳට ම
උවමනාව තිබුණා.
"අම්මෝ... මකුණොත් කනවා ඒ
මදිවට මුංට මං ඉන්න තත්වෙ තේරෙන්නෙ නෑනෙ...
මව් ප්‍රජනකයෝ... හෙණ ගහපිය..."
....තරහට කියවුණාට සොරි මචං... මං මකුණෙක්ගෙන්
සමාව ඉල්ලුවා. මගෙ අතට අහුවෙච්ච ඌ "It's ok..." කියන්නා වගේ අඬුබඬු
විහිදුවලා දැඟලුවා.
"අරුණ මල්ලී බත් බෙදුවා... කන්න
දැන් ම එනවද..." අපිටවත් නොකියා දොර
ඇරගෙන ආපු සුදර්ශි අක්කා එහෙම කිව්වෙ මට.
එයාගෙ බ්ලවුස් එකේ උඩ බොත්තං රස්නෙ හින්දා
වෙන්න ඇති ගැලවිලා ද කොහෙද...
"මං යනවා
කෙල්ලේ..."
ආශ්වාදයේ උපරිමටම ගිහින් හැමදාම සුදා අක්කට
වැඩිපුරත් එක්ක සල්ලි දීලා යන හන්දියෙ සෝමදාස
මුදලාලි එහෙම කියාගෙන මිඳුලට බැහැලා ගියා.
"අපි එන්නම් අක්කේ..."
එහෙම කියපු මං බැලුවෙ කසුන් දිහා...
"අයිම් ෂොරි..."
"සමාව දීම අතුරුපසට...."
Free Radio Promo :