tag:blogger.com,1999:blog-76084478193712511222024-03-13T05:07:14.420-07:00අවමංගලපට්ට ම පට්ට චින්තනය...අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-7608447819371251122.post-6466689638280448712015-05-12T09:57:00.002-07:002015-05-12T10:44:07.793-07:00Don't ක්‍රයි 02 කොටස - A novel by අවමංගල Don't ක්‍රයි 01 කොටස

තවත් දවසකට ඉර පායලා තිබුණා. මට හිතන්න කොච්චර දේවල් තියෙන්වද කියලා දැනෙන්නේ දැන්. ගෙවී ගියපු රෑ... ඒක හරියට පිරිමියෙකුට තමන්ගේ මධු සමය දා රාත්‍රියක් වගෙයි මට නම් දැනුණේ. මහා වගකෙම් ගොඩක් ඔළුවටම බර වුණා වගේ. මිදුලේ ටැප් එක ළඟට යන්න බැරි තරමට හිත කම්මැලි වෙලා... එහෙම නැත්නම් කියාගන්න බැරි මොකක්දෝ හැඟීමක් නිසා හිත අඩපණ වෙලා වගේ.

කුස්සියේ පොඩි සින්ක් එකෙන් මූණ හෝදා ගත්තා. එත්කොටයි මතක් වුණේ පෙරේදා උදේ අඩි යාර බාප්පත් එක්ක පින්කමට බඩු ගේන්න ටවුමට යන්න දත් මැන්දට පස්සේ දත් මැන්දෙම නෑ කියලා. ඒ මදිවට මූණ පුරාම රැවුල. දත් මැන්දට මගේ එකම අනන්‍යතාවය වෙන රැවුල කපන්න නම් ඉඩක් ලැබුණෙම නෑ. දෙතුන් වතාවක් ෆෝන් එක රිංග් වුණා. මං දන්නවා උදේ පාන්දරම මල් හොයන මල්සරා වෙන්න ඇති. ඌට සූස්තිය නැතුව උදේට වැසිකිලි යන්න බැරි රෝගයකුත් ළඟකදි ඉඳලා තියෙනවා. මං නම්බර් එකවත් නොබලා ආන්ස්වර් කළ...

"කියපන් බං උදේ පාන්දරම උඹෙන් මහ කරදරේ" සද්දයක් නැතුව තත්පර 2ක් ගෙවිලා ගියා... ඊළඟට ඊයේ රෑ ඇහුණ අර අමුතු ගෙජ්ජි වැල් හිනාව... ශෙනාලි බං...

"ඔහොමද මෝඩයෝ කෙල්ලට කතා කරන්නේ? ටිකක් ආ....දරෙන් කතා කරන්නකෝ..." හිතට උම්ම දෙනවා වගේ හැඟීමක් මාව හිරි වැට්ටුවා.

"හරි හරි සොරි හොඳේ..."

"මොකද බං මේ කවදාවත් නැතුව ෆුල් ඩීසන්ට් වෙලා?" පුංහි හිත මගෙන් අහනවා. මගේ කැලෑ ගතියත් එළියට එන්නෙ ඔන්න ඔය වෙලාවට. මං ඉවසාගෙන හිටියා. කටහඬ ඇහෙද්දිත් සනීපයි... හරියට දාඩිය වෙලාවට සමනගෙ ඒ සී කරපු බාර්බර් සාප්පුවට රිංගුවා වගේ.

"කීයටද මාව බලන්න එන්නේ?"

"ඇයි තමුසෙ හොස්පිට්ල් එකේද ඉන්නේ?"

"ඔහොම කතා කරන්න ඔට්ටු නෑ හොඳ ද? තරහයි..." බීප් බීප් බීප් සද්ඩයක් ආවා... පිස්සුද යකෝ? මොබයිල් ෆෝන් වල කෝල් එක කුට් වුණාම බීප් බීප් සද්ද එනවද? හංස, ආදරයේ වේදනාව දැන් තමයි පුතෝ උඹට දැනෙන්න පටන් ගන්නේ...

කොච්චර කෝල් කළත් කට් කරනවා... අහුවෙයන්කෝ මට. යශෝදා අක්කා උදේට උයලා තිබුණ රොටී දෙකෙන් එකක් ඉක්මනට කාලා ට් ෂර්ට් එකක් දාගෙන පාරට බැස්සා.

ශෙනාලි කාර් එකෙන් බැහැලා හෙමිහිට සංස්කෘතික එක පැත්තට එනවා. ඊයේ හවස වෙනකල් රැකපු පතිවත බිඳුණා වගේ බයකින් මං බිම බලාගත්තා. වෙනදට කෙල්ලගෙ ලස්සන ගැන හයියෙන් කියන, ආසාවෙන් බලන මට මොකක්දෝ වෙලා. තද දුඹුරු පාට මිනි ස්කර්ට් එකට කෙල්ල ඕනවටත් වඩා ලස්සනයි. වටපිට ඉන්න උන් කෙල්ල දිහා බලනවද කියලා කවදාවත් නැතුව ඇස් එහෙ මෙහෙ දුවනවා.

මම බංකුවෙන් ඉඳ ගත්තෙ නෑ. කෙල්ල ඉඳගන්නකල් හිටියා. ඇස් දෙක බිම.

"වාඩිවෙන්න හංස..." නිහැඬියාවක්. මං ගල් පිළිමේ වගේ උන්නු තැනම.

"වාඩිවෙයන් බං" සිනිඳු අතකින් මාව ඇදලා ගත්තා. කවදාවත් නොදැනුණු අරුම ස්ත්‍රී ස්පර්ශය... කාලයක්ම ලව් කරනවා යැයි කියලා හැංගි මුත්තං කරපු මිල්ටගෙ දුව කිෂානිගෙ පුංචි අතක්වත් මේ තරම් සිනිඳු නෑ කියලා මට හිතුණා. එක අතකින් ඒකිට ඕන වුණේ අවුරුදු දෙකකින් බාල මගේ අත අරන් ආදරය කරන්න නෙවෙයි. අත අරන් වෙන තැනකින් තියාගන්න.

"මේක හොඳට කල්පනා කරලා ගත්ත තීරණයක් හංස. විශ්වාස කරන්න මාව. මං කැමති නෑ මේක පඳුරු ගාණේ, පාර අයිනේ, පාක් වල, බස් වල ලාබෙට විකිනෙන සිල්ලර ආදරයක් කරගන්න. මේ වචන අපිට බර වැඩී. ඉවසලා අහගෙන ඉන්න. මං වෙනස් කෙල්ලෙක්. කොටට ස්කර්ට්ස් ඇන්දට, අමුතු වනචර කතා බහක් තිබුණට.... ඒ හැම දේටම යටින් මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මං දන්නවා, ඔයා කැමති වුණේ මගේ කාර් එකටවත්, මටම කවදා හරි අයිති වෙන මහ ලොකු ගෙදරටවත් නෙවෙයි කියලා. ඒත් මේකත් දැනගන්න කියන්නන්. මේ අත අල්ලගන්නවා නම් හෙට උදේට මාත් එක්ක පාට බැහැලා අසරණයෙකුට උදව් කරන්න සිද්ධ වුණොත් මහ රෑ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න සිද්ධ වුණොත් ඒ හැම තැනකදිම මාව රකින්න බලාගෙන ඉන්න. ගංජා ගැහුව්ට ඔයා තාම පොඩි කොල්ලෙක්. හීනෙනුත් බය වෙන, අඩි 5ක් දුර තියෙන ටොයිලට් එකටවත් තනියම යන්න බැරි පිරිමියෙක්. ගංජා ගැහුව පළියට මහා චරිත වෙන්නෙ නෑ."

මේ අවුරුදු 21 ක කෙල්ල මාව බිම දාගෙන ඔළුවටමයි ගහන්නේ. දැන් නම් හොඳටම පිස්සු වගේ.

කෙල්ල මගේ අත අරන් උකුලෙන් තියාගෙන එහෙමම ඇස් වලට එබුණා. දෙතොල් පෙති විවර වෙනවා. මේ... අර හිනාව...

"ඔච්චර බය වුණාද මෝඩයා...? මහ ලොකු ජේවීපී කාරයා. සීරියස් ගන්න එපා හංස. අපි හෙමිහිට හැමදේම පිළිවෙලකට කරමු."

උකුල උඩ තිබුණ අත අරන් සිනිඳුවට ඇඟිලි සිපගත්තා. හරියට අම්මා කෙනෙක් අළුත උපන් පැටියගෙ කකුල් කිස් කරනවා වගේ පුදුම ආදරෙන්. ඉස්සර හින්දි ෆිල්ම් බලලා ගෙදරින් එළියට බැහැලා ෆිල්ම් එක ඉවර වෙද්දි වීරයා දුෂ්ටයාට ගහපු හැටි ගැන මතක් වෙලා ෆුල් මොරාල් එක අරන් උඩ පැනලා පාරේ දිව්වා වගේ මට දුවන්න හිතුණා. අඩුම තරමේ කෙල්ලට "යනවා" කියලාවත් නොකියාම මං හන්දියට දුවගෙන ආවා. ඇත්තටම ඒක කියන්න අමතක වුණා.

"ජීවිතේ සුන්දරද මෙතරම්..."

" mata kiss ekakwath denne nathuwa awa neda modaya? "අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-50999664048917990742015-01-14T10:36:00.003-08:002015-01-14T10:36:36.684-08:00කනෙන් රිංගන පූසා!"තාත්ති..."

පොඩි පුතා ආවේ සුදු පැහැති ඩ්රෝවින්ග් පොතත් අතැතිව ය. සුපුරුදු ලෙසම අදත් මට පොඩි එකෙකු සේ ඔහු හා චිත්‍ර අඳින්නට සිදු වන බව මට ඉවෙන් මෙන් වැටහිණ. මා වැඩක යෙදෙන බව කියා ඔහුව පන්නා දැමීමට හිත් නොදෙයි.

"තාත්තී... අද ටීචර් කියල දුන්නා හාවෙක් අඳින හැටි!"

පොඩි පුතු 'ර' යන්නද, 'ට' යන්නද එකතු කර හාවෙකු ඇඳ පෙන්වයි. මම බලමින් උන් පුවත්පත පසෙකින් තැබුවෙමි. මගේ අතීතයේ අමිහිරි තනිකම සහ ලැබූ අනාදරය පුතුට හිමි කර දෙන්නට තරම් අමනුෂ්‍යයෙකු නොවෙමි.

"ලස්සනයි... එහෙනම් චූටි පුතා දන්නවද 9 ඉලක්කමෙන් මේ වගේ ලස්සන කණක් අඳින හැටි?" පොඩි එකාගේ කන් පෙත්ත සෙමෙන් කොනිත්තමි. සුදු කන රත් පැහැ ගැන්වෙයි. කොතරම් රිඳුණද කොල්ලා කිසිදා හඬන්නේ නැත.

"අම්මී... තාත්ති මගේ කන මිරිකුවා" ලහි ලහියේ රෑ කෑම සකස් කරන නිලූ හැරී බලයි. මහත් වූ කේන්තියක සේයාවක් වතේ ඇඳී යයි.

"තාත්තිට දැන් පුළුවන් ඕවා කරන්න විතර නේ පුතේ" එය නින්දිත පිළිතුරකි. පසුගිය මාස 3, 4 තුළ මා ගැහැනියක ඉදිරියේ ඕනෑවට වඩා පිට කොන්ද අමතක කර හිස නමා ඇත්තෙමි.

මා නිරායාසයෙන් ම කල්පනාවට වැටෙයි. අනාදරය උරුම වූ ළමා විය ගෙවා දමා හිතට දැනුණු පළමු ආදරය ඇය යි. ආදරයේ ඇදුරුතුමිය ඇය යි. ජීවිතය වැටෙන්නට යන විට තවෙකෙකුට නතු වන්නට යන විට ගොඩ ගෙන මා කෙලින් සිට වූ සොඳුරුතම ගැහැණිය ඇය යි. නමුදු දෛවය අපට උරුම කරන්නේ සතුට ම පමණක් නොවන කල, කුමක් නම් කරන්න ද?

"අනේ තාත්තී... කියලා දෙන්නකෝ" සිතුවිලි දැහැන කැඩී විසිරී යයි. එය මහත් වූ සහනයකි.

"කෝ පුතු අඳින්නකෝ නවයෙ ඉලක්කම"

"නවය කියන්නේ මොකක්ද තාත්ති ටීචර් තාම කියලා දුන්නේ නෑනෙ" ඔහු පෙර පාසලට ගොස් මාසයකි. නිලූ අසා උන්නා නම් ආයෙමත් දෙපැත්ත කැපෙන වචනයක් කියනු නියත ය.

"ඔන්න බලාගන්න අපි මේ ටීවී රිමෝට් එකේ බැටරිය ගමුකෝ... මෙන්න තියෙනවා" එවරෙඩි පෙන්ටෝච් බැටරිය ගලවාගතිමි. ඔහු එය අතට ගෙන හරවමින් බලයි. තනිවම හිනැහෙයි.

"කෝ තාත්ති නවය?"

"මේ තියෙන්නෙ පුතේ..."

"තාත්ති මේ චූටි පූස් පැටියෙකුත් ඉන්නවා... මේ..." 9 ඉලක්කම අඳින හැටි කියා දෙමි. 9 න් කණක් අඳින අපූරුව දැක පුතු හිනැහෙයි.

"තාත්ති මෙන්න මෙහෙම පූසව ඇන්දම තව ලස්සනයි. කනෙන් රිංගන පූසෙක්!" කුස්සියේ මහත් හඬින් ඇය පිඟන් සෝදයි.

"තාත්ති මේ පූසා කොහෙද යන්නේ හයියෙන් දුවගෙන?"

"මීයෝ අල්ලන්න පුතේ"

"එහෙනම් ඇයි මේ බයෙන් වගේ පිටිපස්ස බලන්නේ?"

"කවුරු හරි දකී කියලා"

"ඇයි ඒ?"

"එතකොට මීයො අල්ලනවා කියලා වූව ගෙදරින් පන්නනවනේ..."

"අපේ පූසත් මීයො අල්ලනවද තාත්ති..."

"ඔව් පැටියෝ... ඉස්සර නම් ඇල්ලුවේ නෑ... ඒත් ගෙදර අය නැතිවෙනකොට මීයො අල්ලනවා..."අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-48981025793477401102013-05-31T20:06:00.000-07:002013-05-31T20:06:11.709-07:00නුඹ...

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-88894831122337176642013-01-10T00:55:00.000-08:002013-01-10T00:55:02.298-08:00අවස්ථාවාදී ස්වාමීනි...! මොහොතකට පසු

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-31019477712320637182013-01-10T00:53:00.000-08:002013-01-10T00:53:01.901-08:00අහිංසකාවී...

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-15271578861891164992013-01-10T00:51:00.001-08:002013-01-10T00:51:41.711-08:00සුරාන්තයකට පසු...

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-16794784326659254002013-01-10T00:49:00.002-08:002013-01-10T00:49:29.313-08:00I'm sorry!

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-7628700534050992462013-01-10T00:47:00.001-08:002013-01-10T00:47:25.769-08:00Sexy Bitch

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-17778330409629870392012-12-11T13:21:00.000-08:002012-12-11T13:21:07.499-08:00කිසිදා මතකයෙන් ගිලිහී නොයන 12-12-12

ජීවිතය මහ පුදුමාකාරයි. හදිස්සියෙ නමුත් කාලයක් තිස්සෙ හමුවෙන්න වුවමනාවක් තිබුණු මිනිස්සු අහම්බෙන් හරි වාසනාවට හරි අපේ ජීවිත වලට ළංවෙලා අපිට කතා කියලා දෙනකොට ඒක කොයි තරම් සතුටක්ද...

සරලවම කිව්වොත් ඒක හීනයක් වගේ. මං ඒ හීනෙ ගොඩාක් කාලෙක ඉඳලා දැක්කා. මං ගොඩාක්ම ආදරේ කරන වෘත්තියක, මන් හරි ආදරේ කරන මිනිස්සු ටිකක් එක්ක මං එක රැයක ජීවිතේ ඉගෙන ගන්නවා. ඒ දවසත් හරිම සුවිශේෂී දවසක්. 2012-12-12.

ආයෙත් කවදාවත් නොයෙන දවසක්. ඔව්...! ඇත්ත... ඒත් ඒ මානුෂවාදී අතිශය සුන්දර මිනිස්සු කවදාවත් මගේ මතකයෙන් නම් ගිලිහී නොයාවි. ඔබට බොහෝම පින්...!

මට උපදෙස් දුන්නට නෙවෙයි. මට ආදරෙන් ජීවිතේ කියලා දුන්නට. හැමෝම ඔයාලා තරම් නිහතමානීත් නෑ. ඔයාලා තරම් එඩිතරත් නෑ. ඔයාලා තරම් සුන්දරත් නෑ. කොටින්ම කිව්වොත් ඔයාලා මාරයි...

මං ඒ මොහොතෙ ඒ විනාඩියේ ඉඳලම ඔයාලට සැබෑ ලෙසම ගරු කරන්න පටන් ගත්තා. සත්තකින්ම...

ජීවිතේට පාඩමක්....

මං ඔයාලාට ගොඩාක් ආදරෙයි. හදිස්සියේ වුණත් මේ පෝස්ටුව දමන්නෙ ඔයාලා වෙනුවෙන්. ඔයාලාට තෙරුවන් සරණයි...!

දුම්වැටි දල්වලා පපුවටම දැනිලා ඉවර වෙලා ගියා. ඒත් ඒ සුලු කාලයට මං කල්පයක් තරම් උපමා දෙන්න ආසයි. ඒ ඔයාලගෙන් මං දෙයක් නෙවෙයි ගොඩාක් දේවල් ඉගෙන ගත්තු නිසා. ඔයාලට පිං...!

මට තාමත් මතකයි...

මං කියන හැටි...

"ආයෙ නොයෙන 12-12-12"

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-33951079691793288302012-12-02T18:20:00.000-08:002012-12-02T18:20:06.641-08:00ඒක දිග කතාවක්...

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-38957028957670045612012-11-25T09:55:00.000-08:002012-11-25T09:55:10.344-08:00රේඩියෝ කතාවක්... - පට්ට ක්‍රියේටිව් නිවේදකයා...මං මේ කියන්න යන්නෙ වෑර්ලස් කතාවක්. එහෙමත් නැත්නම් රේඩියෝ කතාවක්. ඔය රේඩියෝ යන්ත්‍රයට ගුවන් විදුලි යන්ත්‍රය යැයි කීම වැරදියි කියනවනේ. ඊට මීට වඩා හොදයි රේඩියෝ කියලා සිංහලෙන් කියලා දාන එක.

මෙන්න මේකයි කතාව. ඔය ඉස්සර 40, 50, 60, 70 දශක වෙද්දි ලංකාවෙ පෞද්ගලික ගුවන් විදුලි නාළිකා තිබුණේ නැහැනේ. ඒ කාලෙ තිබුණ රේඩියෝ සිලෝන් එකේ විකාශය අද එෆ්.එම්. නාළිකාවල වගේ පැය 24 පුරාම තිබුණේ නැහැ. උපරිම රෑ 12 වෙනකං. පිරිත් ටිකක් ගහල, ජාතික ගීය ගහල ටික මොහොතකින් විකාශය නිමා කරනව. ඒත් ටික වෙලාවක් යනකං පොඩි බීප් සද්දයක් විකාශය කරනව. ඉතින් ශ්‍රාවක ජනතාවත් 12 පස්සෙ තමුන්ගේ රේඩියෝ වහල දානවා.

ඔන්න දවසක් එක්තරා රාත්‍රී ආපන ශාලාවක රේඩියෝව ස්විච් ඕෆ් කරන්න බැරි වෙනව විකාශය නිමා වෙලා බීප් නාදේත් යනකංම. ඔහොම බීප් නාදෙ යන අතරෙ එකපාරටම රේඩියෝ නිවේදකයෙක් රේඩියෝව හරහා කතා කරනවලු. - ඔව්! මේ රේඩියෝ වහල තියෙන මහ රෑ -

පුතේ... ඔයා කෑම කෑව නේද...? කෝ අම්ම නිදිද...?

පැටියො මං තව ටිකකින් ට්‍රාන්ස්පෝට් එකේ ඉක්මනට ගෙදර එනව...

ඔහොම කතාවක් මේ නයිට් කඩේ දාල තියෙන රේඩියෝවෙන් දවස් දෙක තුනක්ම ඇහුණා.

හැමදාම රෑ විකාශය නිමා වෙලා බීප් නාදයත් ටිකක් විකාශය වන අතරතුර තමයි මෙහෙම කතාවක් ඇහෙන්නෙ.

ඔන්න ඉතින් රේඩියෝ හිතකාමී නයිට් කඩේ මුදලාලි මේ ගැන රේඩියෝ සිලෝන් එකට දැනුම් දෙනවා. එතකොට තමයි අපේ කතාවේ පට්ට ක්‍රියේටිව් කතානායක නිවේදකයගේ පටි රෝල් වෙන්නෙ. ඔහු එච්චර දවසක් කරපු හරිම කපටි, නමුත් අහිංසක නිර්මාණශීලී හොර වැඩේ පාලන අධිකාරියට මාට්ටු!

පාලකයො කාරණේ හොයල බලද්දි තමයි හොයාගන්නෙ රාත්‍රියේ විකාශය නිමා වෙලා අවසානයේ යන බීප් නාදය අතරතුරේ රෑට අන්තිම වැඩසටහන කරන නිවේදක මහත්මයා තමන්ගෙ පුතාට සහ පවුලේ උදවියට තමන්ගෙ කටහඩ අහන්න සලස්සන බව. හැම තැනකම, හැම අතකම දුරකථන නොතිබුණු ඒ කාලේ මේ නිවේදකයා රේඩියෝ සිලෝන් එකේ අවසාන බීප් නාදේ ඇතුළත් ගුවන් කාලය මේ සදහා ප්‍ර යෝජනයට ගන්නෙ තමන්ගෙ ගෙදර අයට තමන් තව මොහොතකින් ගෙදර එන බව දන්වන්නයි. රාත්‍රී 12 පස්සෙ ගුවන් විදුලි වැඩසටහන් නැති නිසා බීප් නාදේ මොකට ශ්‍රාවකයෝ අහනවද? ඒ නිසා ශ්‍රාවකයො තමන්ගෙ රේඩියෝ වහල දානවා. නමුත් අර නයිට් කඩේ රේඩියෝව වහල දාන්න පරක්කු වුණු නිසයි මේ ක්‍රියේටිව් වැඩේ මාට්ටු වුණේ... කෙසෙ වෙතත් අදාළ නිවේදකයගේ රැකියාවට නම් දෙයියන්ගෙම පිහිට ආරක්ෂාව ලැබෙන්නම ඕන වුණා ඇති.

ඔන්න ඕකය කතාව... සමහර විට ඔබත් මේ කතාව අහල ඇති. සමහර විට මීට වෙනස් විදිහකට. මතක හැටියටයි කිව්වෙ.

ඉතින් මචංලා... ඔන්න ඕකයි තත්ත්වෙ...

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-39175331950482921602012-11-19T23:26:00.000-08:002013-01-10T00:56:38.648-08:00ඔව්... මේක ආදර කතාවක්!

දකිමි... විඳිමි... බොරුව සහ සැබෑව...

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-455188679695958932012-11-09T17:37:00.000-08:002013-01-10T00:57:00.958-08:00අනේ ආයෙමත් ආවා නම්...

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-21219209189008077112012-11-09T17:12:00.000-08:002013-01-10T00:57:20.487-08:00සොහොයුරියකගේ පාපොච්චාරණය...

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-37909633793413495582012-11-08T01:55:00.000-08:002012-11-08T01:55:54.971-08:00කර්ම - ගල් බාගයට ස්තූති වේවා...!

මා මිතුරෙකු සමඟ නගරයේ සිනමා ශාලාවට ගියේ සිනමා පටයක් නරඹන්නටම පමණක් නොවේ. 'මතට තිත' තිතටම ක්‍රියාත්මක වන සර්ව සාධාරණ රටක් (මෙහෙම කියන්න ලැජ්ජයි හලෝ.) වන සිරි ලංකාවේ ඇමති පුතුන්ට එක නීතියකුත්, අහිංසක මධුලෝලීන් වන අපට එක නීතියකුත් ක්‍රියාත්මක වන නිසා ය.

අසල තිබුණු බලපත්‍රලාභී බාර් එකෙන් ගල් බාගයක් මිලට ගත්තෙමු. ලංකාවේ ජනප්‍රියතම දුම්පානය වන රත්තරං කොලයක්ද මිලට ගතිමු.

සිනමා ශාලාවේ වැසිකිළිය අපේ වින්දනයට පාරාදීසයක් විය. එයින් සකර්ම මනස අකර්මන්‍ය වූයේ නැත. මන්ද, අප නරඹන්නට ගියේ ප්‍රසන්න ජයකොඩි ගේ කර්ම සිනමා පටය වන නිසා ය.

ප්‍රසන්න විතානයන්ගේ සේම, අශෝක හඳගමයන්ගේද සිනමා නිර්මාණ වලට අප ආදරය කලේ ඒවායේ ඇති රැඩිකල් නොහොත් සීමාවෙන් පිට පනින සහ අසම්මතය,යතාර්තය අමු අමුවේම ඉදිරිපත් කරන නිසා ය. ප්‍රසන්න ජයකොඩි ද වනාහි ඒ රැඩිකල් සිනමාවේම නියෝජිතයෙක් වන්නේ යැයි සිතෙන නිසා අපි ඔහුටද ආදරය කරන්නෙමු.

කර්ම තුළ ප්‍රසන්න ජයකොඩි මතු කරන සමාජමය, ලිංගිකමය, මානුෂීය කාරණාව පිළිබඳව විග්රහ කිරීමට අප ළදරුවන් යැයි සිතමු. එනිසාම කර්ම සිනමා පටය නරඹා ඒ හරහා ප්‍රකාශ කරන්නාවූ යථාර්ථය රසවිඳින ලෙස මා ඉල්ලා සිටිමි.

ගල් බාගය ඔහුට සහ මට කර්ම පිළිබඳව සිතන්නට, කතිකා කරන්නට බොහෝ දේ ඉතිරි කළේ ය.
මීවිතට අප ගරු කරන්නේ එබැවිනි.අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-80772964555732827192012-11-08T01:11:00.000-08:002013-01-10T00:58:44.251-08:00මේ දකුණු අතට, කතා කරන්න පුලුවන් නම්...මේ දකුණු අතට

කතා කරන්න පුලුවන් නම්...

කියාවි මට නුඹව

සිහිවුණු තරම්...

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-86296427527352636482012-11-01T19:11:00.001-07:002012-11-07T19:06:42.165-08:00ආදර ලෝකෙ මාර කලාත්මකයි මචං...

සමහර විට මං මේ ඉදිරිපත් කරන අදහස සුචරිතවාදියෝ කියලා සමාජය ඉදිරියේ පට්ට ඇක්ෂන් දාන පොරවල්ට නම් එච්චරම අල්ලන්නෙ නැති වෙයි. කොහොම වුණත් මේ සමාජෙ ඉන්න හැමෝම එක වගේ නැහැනේ. එහෙම තියෙද්දි මං මේ ඉදිරිපත් කරන කාරණාවත් ග්‍රහණය කරගන්න ආකාරය පුද්ගලයාගෙන්-පුද්ගලයාට වෙනස් වෙනවා.

බොහෝ දුරට යොවුන් ආදරය කියන සංකල්පය ඇතුලේ අපි හොයන, අපි ආස කරන සහ සමහර විටෙක අපිටම එපා වෙන දෙයක් තමයි. රාගය, ලිංගිකත්වය එහෙම නැත්නම් ශෘංගාරය. මොන වචනයෙන් කියන්න උත්සාහ කලත් මේ කියන්නෙ එකම දෙයක් ගැන උනත් මං මේ කියන්නෙ කාමය කියන බරපතල සහ විකෘති ආශාව ගැන නම් නෙවේ. මට හැඟෙන විදිහට කාමය කියන සංකල්පය හරිම දරුණු, මානුෂීය පැත්තෙන් පිට පනින සංකල්පයක්. ඒක මට දැනෙන හැටි.

සරලව සහ පැහැදිලිව කියනවා නම් රාගය කියන්නෙ පට්ට සහ මාර දෙයක්. විරුද්ධ ලිංගිකයා ගැන හිතේ ඇතිවෙන මේ හැඟීම තරුණ තරුණියන්ව වෙලාවකට මාර විදිහට අසරණ කරවනවා. ඒ නිසාම ආදරය කියන අයිසින් එකෙන් වට කරලා මේ රාගය කියන අවලස්සන යැයි හඳුන්වන නමුත් මිහිරි කේක් ගෙඩිය විරුද්ධ ලිංගිකයා සමඟ බෙදා ගන්න බලනවා. අන්න ඒ වෙලාවට තමයි අද පෝස්ටුවට අදාළ මාතෘකාව එලියට එන්නෙ.

මේ බලන්න අපේ ආදරවන්තයෝ පට්ට ක්‍රියේටිව් නැද්ද කියලා...

1. මට නම් හරිම සීතලයි... ඔයාට සීතල නැද්ද...? - මෙන්න එක ආරම්භයක්. සීතල කියන කාලගුණ විද්‍යාත්මක සාධකය හරහා තමන් හොයන මානසික සංතෘප්තියට පාර කැපීම. හරිම සරලයි. ලස්සනයි.

දැන් අපි හිතමු මෙහෙම අහද්දි අනිත් පාර්ශ්වය 'ඔව්' කියලා උත්තරයක් දෙනවා කියලා.

'එහෙනම් මං ඔයා ලඟට එන්නද? / එහෙනම් මගෙ ලඟට එන්න බබා.'

ඔය ආදී වශයෙන් කතාබහ ඉදිරියට ගියා කියමුකෝ. යම් කිසි මොහොතක මේ මානසික ආතල් එක සීමාව පනිනවා. අපි හිතමු කොල්ලා සීමාව පැන්න කියලා. එතකොට කෙල්ල අප්සට් වෙනවා. කොල්ල ගැන පිළිකුලක් ඇතිවෙනව.

ඒත් කොල්ලා පට්ට ක්‍රියේටිව් නිසා බය වෙන්නෙ නෑ.

'අනේ ඔහොම තරහා ගන්න එපා. මෝඩි. ඔයා මං මේ කියන දේ විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. මං ඔයාව චෙක් කලා. මං හොයන්නේ මගෙ අනාගත වයිෆ්ව. ඒ නිසා මට ඔයාගෙ චරිතෙ තෙරුම් ගන්න ඕනෙ වෙලා තිබුණා. ඔයා ඉක්මනින්ම ආසාවන්ට යට වෙන කෙනෙක්ද කියලා දැනගන්න ඕනෙ නිසයි මං එහෙම දේවල් කිව්වෙ. මට දැන් ඔයාව විශ්වාසයි.'

අනේ කොල්ලා ඔහොම කියනකොට කෙල්ලට මාර සැටිස්. පුදූම ආදරයක් ඇතිවෙනවා කොල්ල ගැන. අනිත් අතට කොල්ලා දැනටමත් කෙල්ලට යම් තරමකින් රාගය කියන දේ හිතට දාලයි තියෙන්නෙ. ඒ අතින් බලනකොට කෙල්ල සහ කොල්ලා දැන් ඉන්නෙ කොල්ලට ඕනෙ කරන ට්‍රැක් එකේ.

එදා කොල්ලා අර විදිහෙ කතාවක් කියද්දි කොල්ලට බැන්නට ඔය නිකන් ඉන්න වෙලාවට කෙල්ලට ඕව මතක් වෙනවා. ඒක හරිම ස්වභාවික සංසිද්ධියක්. එහෙම වෙද්දි කෙල්ල නියමෙට ට්‍රැක් එකට පනිනවා.

කොහොමද ආදර ලෝකෙ ක්‍රියේටිව් පැත්ත...???

මේ පෝස්ටුව බලලා මේ කියන්නෙ ලියුම්කරු කරපු ක්‍රියේටිව් වැඩ කියල හිතුවත් කමක් නෑ. මං දකින විදිහට මේවා වැරදි නෙවෙයි. මේවා සාමාන්‍ය දේවල්.

ඉතින් ආදර ලෝකෙ ක්‍රියේටිව් වැඩ Part 2 වලින් හමුවෙමු. ජය වේවා.

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-43563529203318105102012-09-24T19:49:00.000-07:002013-01-10T00:59:09.159-08:00අමතකව ගිය අතීතෙක...

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-60198832622251865302012-09-17T20:19:00.001-07:002013-01-10T00:59:33.730-08:00මලක් වී මලක් ලඟ

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-24850040969645911072012-09-17T20:17:00.000-07:002013-01-10T00:59:44.516-08:00සිල් බිඳින්න අවසරයි ඉතින්...

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-18023782900298009992012-09-17T20:15:00.001-07:002013-01-10T00:59:56.122-08:00A Love Story

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-65633359466401843792012-09-12T13:53:00.001-07:002012-09-12T13:53:17.119-07:00Do you know what I mean?

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com1tag:blogger.com,1999:blog-7608447819371251122.post-2102365535483871982012-09-06T09:45:00.000-07:002012-09-06T09:46:44.347-07:00වෙල් පූසි...

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-77925044339338471992012-09-06T09:19:00.001-07:002012-09-06T09:20:10.730-07:00නරියෙකුට පෙම් කලෙමි...

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0tag:blogger.com,1999:blog-7608447819371251122.post-33000711689002307722012-09-06T09:12:00.000-07:002013-01-10T01:14:37.636-08:00සයනය මත රතු පැල්ලම්

අවමංගලhttp://www.blogger.com/profile/16893581015069172013noreply@blogger.com0