Saturday, July 21, 2012

Don't ක්‍රයි - A novel by අවමංගල


"ප්ලීස්... දැන් ඔය කතාව නවත්තන්න... ලුක් ඇට් මී ඩාලින්... අනේ ඩෝන්ට් ක්‍රයි..."

ඒ කතා කලේ මගේ හුස්ම ටික... දන්න මතකයක් ඇති කාලෙක ගැහැණු ප්‍රාණියෙකුගෙන් ඇහුව හරිම හැඟුම්බරම, ආදරණීයම වචන ටික.

ගොඩාක් දුක්බර කතා හැමවිටම පටන් ගන්නේ දුකත් එක්කම නොවුණත් මගේ කතාව පටන් ගත්තේ අනිවාර්යෙන්ම දුකකින් වෙන්න ඇති කියලා මං අදටත් විශ්වාස කරනවා.

මේ ජීවිතේ පළවෙනි වතාවට සිගරට් එකක් එක්ක ඔතලා මලක්(බීප්...!)උරපු දවසේ මං හිතාගත්තා මේක තමයි ජීවිතේ කියන්නේ කියලා. හිතුවක්කාරකමට රෙස්ට් හවුස් එකකට ගිහින් ගෑණියෙක් එක්ක බුදියාගෙන ලබපු පළමු සුරතාන්තය වෙලාවෙ මට දැනුනා මේකට තමයි ආතල් එක කියන්නේ කියලා.

ඒත් දෙයියනේ...! මං සතුටක් ගන්න කරපු ඒ හැම දෙයක්ම හිස් දේවල් කියලා දැන් මට හිතෙන්න පටන් අරන්. මේ විශ්වය රැදී තියෙන්නේ මවකගේ කිරිවලිනුයි, හිරු රැස් වලිනුයි කියලා මැක්සිම් ගෝර්කි කියලා තිබුණ බව මට හීනියට මතකයි. ඒත්...
මං මාව ජාතක කරපු අම්මගෙන් කිරි නොබීපු බව මට සහතිකයි.

අම්මා කියලා කෙනෙක් නොදැකපු, තාත්තා කියලා කෙනෙක් ගැන නොදන්න මං, මේ ලෝකෙ ඉන්න අවාසනාවන්තම මිනිහා කියලා මං හිතුවා.

මං දන්නවා. මට මෙතුවක් කල් කවදාවත් අම්ම කෙනෙක්ගෙ තනයකින් කිරි ටිකක් බොන්න බැරි වෙන්න ඇති. ඒත් ඉපදිලා අවුරුදු 23කට පස්සේ මං අමා කෙනෙක් නොවෙන, ඒත් අම්මා කෙනෙක් තරමටම මට ආදරේ කරන ගැහැණු පපුවක් උඩ ඔලුව තියාගෙන අම්මගෙන් නොලබපු කිරි සුවඳ හෙව්වා...

ශෙනාලි... යංතම් අවුරුදු 21 කඩඉම පැනපු ඒ සංවේදී ගැහැණු හිතට මගේ හැඟීම් තේරුම් ගන්න පුලුවන් වෙලා. සත්තකින්ම...

"ඩූ යූ ලව් මී???" අහසේ මල් පිපුණු, මහ පොලොවේ තරු පායපු එක ලස්සන රාත්‍රියක මල් පවනේ උන්නු මාව ඒ වචන ටික දැකලා ගැහිලා ගියා.

හදිස්සියේම හිතට ඩැනුණු ආදරණීය ආවේගයත් එක්ක මං ඇයට රිප්ල්ය් කලා.

"ඔව්... ඔයා මට ගොඩාක් ආදරෙයි. මං ඔයාට ආදරෙයිද...???"

තත්පර ගාණක් ගියා. මට කෝල් එකක්.

"හෙලෝ..."
"මෝ...ඩයා..." මේකි හිනා වෙනවා. ඒ හිනාව... අනේ මන්දා. ඒත් මහ පීචං හිනාවක්.
"ඇයි?"
"මෝඩයො පොඩ්ඩකට සෙන්ට් අයිටම්ස් බලන්නකෝ..." එහෙම ඇදලා පැදලා කියද්දි මොන හිතද දෙයියනේ උණු නොවෙන්නේ...
"මොකටද?"
"පණ්ඩිතයා නොවී බලනවකො..."
"හුටා" මට එහෙමම කියවුණා. මේකි තව තව හයියෙන් කැකිරි පලනවා.
"පිස්ස...! හූ..." මට කෝචෝක් කරන ඒ මූණ මේ මහ රෑ කොයිතරම් ලස්සන ඇත්ද?
"පිස්සු කෙල්ල... මට කොච්චරක් ආදරෙයිද?"
"ම්ම්ම්ම්... මෙන්න මෙච්චරක්..."
"කෝ කොච්චරක්ද?"
"මෙච්චරක් බං..."
"කට වහගන්නව මෝඩි... ඔය ගෑණු ළමයෙක් කතා කරන හැටිද?" මං බොරු තරහක් අරගෙන කිව්වෙ.
"සොරි අනේ මැටි කොල්ලෝ... මං ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදලෙයි..."

මං ෆෝන් එක කනේ තියාගෙන එහෙමම මකුණො පිරුනු කොට්ටෙ උඩින් ඔලුව තියාගත්තා. මල් පවනත්, ආදර මල් පවනත් අතර වෙනස ඒ මහ රෑ මට දැනුණා. හිත පුරාම අමුතු සුවඳක් ගලන්න පටන් ගත්තා. හරියට කුණු පිරුණු මුලු ජීවිතේම හොදට සබන් දාලා ගලේ ගහලා හෝදනවා වගේ.

...ගෑණු කියන්නේ මහ ජරා වේ*යො ටිකක් බං... එකෙක්වත් විශ්වාස කරන්න බෑ...

කවුරු හරි එහෙම කතාවක් කියද්දි මාත් ඒක හරි ය කියල පිලිගත්තු කාලයක් තිබුණා... ඒත් මේ පොඩි කෙල්ල දිහා මට ඒ ඇහෙන් බලන්න බෑ...

-----------------------------------------------------------------------------------------------------------

ඉතිරි කොටස් ලඟදීම බලාපොරොත්තු වන්න...!



No comments:

Post a Comment

නිකං ඉන්න එකේ කොමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ...!!!